Header

Sri Lanka Army

Defender of the Nation

07th April 2021 14:09:49 Hours

යුද්ධ හමුදා සහයෝගයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරති

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘතීන් වල තවත් එක් අදියරක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ධානපතියෙකුගේ මූල්‍යමය දායකත්වය ඇතිව ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සෙනසුරාදා (03) දින අවශ්‍යතා සහිත පවුලකට පවරා දෙන ලදී.

තන්තිරිමලේ, මැදවච්චිඑළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8 ට අඩු දරුවන් තිදෙනෙකු ගේ මවක් වන සේපාලික පියදාස මහත්මිය වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 212 වන බලසේනාවේ භටපිරිස් මෙම නිවස ඉදිකළහ.

හිසට සෙවණක් නොමැතිව බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් මෙම පවුල පිළිබඳ සැළ වූ වහාම වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ සම්බන්ධීකරණය මත 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබිණි.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන අනුර නානායක්කාර මහතා සහ සන්ද්‍යා නානායක්කාර විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය සැපයූහ.

මෙම නිවස පවරා දීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් නව නිවස විවෘත කළේය. මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් අනිල් පීරිස්, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ, තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහ නිවාසලාභියාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ. Best Authentic Sneakers | NIKE AIR HUARACHE