Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 16:31:05 Hours

මයිලන්කරච්චි විහාරස්ථානයේ ධාතු මන්දිරය ඉදිකිරීමට යුද්ධ හමුදා භටපිරිස් සහය වේ

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මයිලන්කරච්චි ශ්‍රී මහිනද්‍රාරම විහාරස්ථානයේ ධාතු මන්දිරය අභිනවයෙන් ඉදිකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය දැක්වූහ. ප්‍රදේශයේ බැතිමතුන්ගේ ද සහයෝගය ඇතිව ඉදිකල ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවය මාර්තු මස 27 සහ 28 දෙදින පැවැත්විය.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ලබාදුන් උපදෙස් මත 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.පී.ඒ. සේනාරත්න ගේ අධික්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූ නව ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයට පෙර දින සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් ද පැවැත්වීය. පසුදින උදෑසන පැවැත්වූ හීල් දානමය පිංකමකින් උත්සව කටයුතු නිමාවට පත්විය.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය වාද්දුව ප්‍රදේශයේ පදිංචි ධානපතියෙකු වන කේ.පී. තිසේරා මහතා විසින් ලබාදුන් අතර ඒ සඳහා රුපියල් මිලියන 1.6 ක මුදලක් වැය විය.

මයිලන්කරච්චි ශ්‍රී මහිනද්‍රාරම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන මැදින් පුර පසලොස්වක පොහෝ දින (28) පවත්වන ලදී. Asics shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival