Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2021 21:08:15 Hours

212 වන බලසේනාවේ මුලිකත්වයෙන් තම්බියාව ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් යටතේ තන්තිරිමලේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබු නව නිවස පසුගිය සෙනසුරාදා (03) දින පැවති උත්සවයකදී එම පවුල වෙත භාරදෙන ලදී.

වයස අවුරුදු 1, 4 සහ 8 හැවිරිදි දරුවන් තිදෙනෙකු සිටින මෙම අසරණ පවුල වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත 21 වන සේනාංකය යටතේ ස්ථාපිත 212 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.

212 වන බලසේනාවේ හිටපු බලසේනාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා එතුමන්ගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකීක දානපතියෙකු වන දමිත් කහවේ මහතා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

නිවාසලාභි ශාලිකා මදූ වික්‍රමසිංහ මහත්මිය වෙත නව නිවස භාරදීමේ උත්සවයේදී නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ තොගයක් ද පරිත්‍යග කළාය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි වූ අතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ චාරිත්‍රානුකූලව පීත්ත පටිය කපා නව නිවස විවෘත කරන ලදී. මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් අනිල් පීරිස් ද එක්වූයේය.

තවද, මෙම උත්සවය සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ ඇතුළු අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ නිවාසලාභියාගේ පවුල් සාමාජිකයින් සහභාගි වූහ. Best jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1