05th April 2021 15:16:30 Hours
කොළඹ 2 ප්‍රදේශයේ පිහිටි ආරක්‍ෂක විද්‍යාලයේ ඉදිකිරිම් කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාධිපතිවරුන් අද (05) දින නිරීක්‍ෂණය කළෝය. එහිදි, ඔවුන් ආරක්‍ෂක විද්‍යාලයේ දැනට ක්‍රියාත්මක ඉදිකිරිම් සහ නවීකරණ කටයුතු මෙන්ම පරිපාලන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ප්‍රගති සමාලෝචනයක නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න, ගුවන් හමුදාධිපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ, ජ්‍යෙෂ්ඨ සහකාර නියෝජ්‍ය පොලිස්පති, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ හසිනි තලගල මහත්මිය සහභාගී වූ අතර, එම පිරිස ආරක්‍ෂක විද්‍යාලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඩබ්ලිව්. ආර්. පලිහක්කාර (විශ්‍රාමික) සහ විදුහල්පති නිරෝෂන් ඕපාත ඇතුලු නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
ආරක්‍ෂක ලේකම් ඇතුලු පිරිස විද්‍යාලයේ කනිෂ්ඨ පුස්තකාලය, ක්‍රියාකාරකම් ශාලාව, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පති කාර්යාලය සහ නේවාසිකාගාරවල ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, එම කටයුතු පිළිබඳ ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රදානත්වයෙන් සියලුම පාර්ශව සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
නිරීක්‍ෂණ චාරීකාවේ නිරත වූ පිරිස විදුහල් භූමියේ විවිධ ඉදිකිරිම් කටයුතුවල නිරතව සිටින භටපිරිස් සමග සුහද පිළිසඳරක නිරතවෙමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කරමින් ඔවුන් මේවන විට සිදුකර ඇති කාර්යභාර්ය අගය කරමින් භටපිරිස් දිරිමත් කළේය. spy offers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5