Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 13:01:05 Hours

අන්තරාදායක ඖෂධ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක්

‘මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත මාර්තු මස 26 සහ 30 දින වල පැවැත්විණි.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ උපදේශක චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා සහ ඉරේෂ් සෙව්වන්දි මෙනවිය විසින් මෙහෙය වූ මෙම වැඩමුළුව මිහිදු සෙත් මැදුර සුවසහන මධ්‍යස්ථානය, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මුලස්ථාන බළඇණිය සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ මුලස්ථාන බළඇණියේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන මගින් නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ මනා දැනුමක් ලබාදෙන ලදී.

මෙම වැඩමුළුවට මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් ජීවන් ගුණතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. Nike air jordan Sneakers | jordan Release Dates