Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 09:45:37 Hours

ආපදා කළමනාකරණය පිළිබඳ වන්නි භටපිරිස් දැනුවත් කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පවත්වන ලදී. මෙම වැඩමුළුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුහුණු වැඩසටහන් අධ්‍යක්‍ෂ සුගත් දිසානායක මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාර අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසුරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුයුක්ත නාවික සම්බන්ධීකරණ නිලධාරී කොමදෝරු ඩි.එච්.කේ. හේරත් විසින් මෙම වැඩමුළුවේ දේශන පැවැත්වූහ.

ආපදාවල ස්වභාවය, ආපදා කළමනාකරණය, ආපදා අවම කිරීම සහ අනුරාධපුර, වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශ හඳුනාගැනීම පිළිබඳව මෙම වැඩමුළු වේදී යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කෙරිණි. තවද, හදිසි අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ අදාළ රජයේ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ මෙහිදි සාකච්ඡාවට භාජනය විය.

මෙම වැඩමුළුවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් 69 දෙනෙකු සහභාගි වූහ. jordan Sneakers | Air Jordan