Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 16:01:05 Hours

121 වන බලසේනාවේ භටපිරිස් ගොනගං ආර ප්‍රදේශයේ ‘ගංජා’ හේනක් වටලති

121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (03) දින සන්ධ්‍යාවේ කතරගම, වෙහෙරගල රක්‍ෂිතයේ ගොනගං ආර ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වැටලුහ. මෙහි සියලු නිරීක්‍ෂණ කටයුතු ඩ්‍රෝන කැමරා යොදාගනිමින් සිදුකරනු ලැබිණි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවිණි.

රක්‍ෂිතයේ අක්කරයක පමණ භූමි ප්‍රමාණයක කැලෑව එළිකර රහසිගතව වගා කර තිබූ ගංජා හේනේ වටිනාකම රුපියල් මිලියන 5 ක් පමණ වේ. යුද්ධ හමුදා භටපිරිස් විසින් පොලිසිය සහ වනජිවී නිලධාරීන්ගේ සහ ඇතිව මෙහෙයුම ක්‍රියාත්මක කර ගංජා හේන වටලන ලදී.

වගාකර තිබු ගංජා පැලෑටි සියල්ල පොලිසීයේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් විනාශ කර දැමීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගොනගන් ආර පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි. Best Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ