Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 11:00:29 Hours

විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

වසර 34 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව යටතේ සේවය කර නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් වෙත ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

සිය රෙජිමේන්තුව වෙත සපැමිණි විශ්‍රාම දිවයට පා තබන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් ප්‍රථමයෙන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර පුද කළේය. පසුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීණි. ඉන් අනතුරුව, බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ එතුමන් පසුව පැවැති සියලුනිල දිවාභෝජනස සංග්‍රහයකට ද සහභාගි වූයේය.

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන නිලධාරීතුමන්ට ගෞරවාචාර පුද කරමින් නිලධාරී නිවස්නයේ සංවිධානය කර තිබු රාත්‍රි භෝජන සංග්‍රහයකට ද එතුමන් එක්විය. Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals