Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 13:00:00 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, පසුගිය මාර්තු මස 29 සහ 30 දින හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්වල සංචාරයක නිරත වූයේය.

12 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කළ ආඥාපතිතුමන් පසුව 121 වන බලසේනා මුලස්ථානය, 122 වන බලසේනා මුලස්ථානය, 23 ගජබා රෙජිමේන්තුව, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකාය, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළු කඳවුරු කිහිපයක සංචාරය කළේය. එම මුලස්ථාන පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාර ද පිරිනැමීය.

එහිදී, භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්න් සඳහා වූ පොතේ සමරු සටහන් ද තැබූවේය. පසුව ආඥාපතිතුමන් කිරිවෙහෙර චෛත්‍යය සහ කතරගම දේවාලය වැඳපුදා ආශිර්වාද ලබාගත්තේය.

මෙම සංචාරය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ, අණදෙන නිලධාරීන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Asics shoes | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ