Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 05:30:37 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වැලිකන්ද ප්‍රදේශයේ පාසල් සිසුන් 120 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදෙයි

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් බලකායේ මුලිකත්වයෙන් වැලිකන්ද ප්‍රදේශයේ මාලින්ද පෙරපාසලේ, මදුරංගල පෙරපාසලේ සහ මොණරතැන්න පෙරපාසලේ අධ්‍යාපනය හදාරන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ. පසුගිය සෙනසුරාදා (27) දින පැවැති මෙම වැඩසටහනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 95 වන කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

පාසල් බෑග්, වතුර බෝතල්, කෑම පෙට්ටි, නිල ඇඳුම් හා මේස් සහ පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් මෙම පෙරපාසල්වල අධ්‍යාපනය හදාරණ සිසු දරුදැරියන් 120 දෙනෙකු අතර බෙදාදුන්හ. ප්‍රදේශයේ දරු දැරියන්ගේ ආර්ථික දුෂ්කරතා පිළිබඳ අවධානය යොමුකළ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එල්.සී.එන් මුතුතන්ත්‍රිගේ මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

මෙම අවස්ථාවට 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ 95 වන කණ්ඩායමේ සාමාජිකයින්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ. jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ