Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 08:35:40 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති බළඇණි පුහුණු පාසලේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කරයි

පම්පේමඩු බළඇණි පුහුණු පාසලේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර පසුගිය සඳුදා (29) දින එහි සංචාරයක නිරත වූයේය.

මෙම අවස්ථාවට 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක සහභාගි වූහ. Best Authentic Sneakers | Jordan Release Dates , Iicf