Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 14:00:00 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සංචාරයක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, පසුගිය බ්‍රහස්පතින්දා (01) දින දොඹගොඩ පිහිටි යුධෝපකරණ පුහුණු පාසලේ සංචාරයක නිරත වූයේය.

යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා විසින් පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය. පසුව, මෙම සංචාරය සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, පුහුණු පාසලේ සේනාවිධායක පුහුණු කටයුතු පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කළේය.

මෙම සංචාරය අතරතුරදී, කඳවුරු පරිශ්‍රය නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි පසුව භටපිරිස් ඇමතූවේය.

සිය දේශනය අතරතුරදී, පුහුණු කටයුතු සහ පහසුකම්වල ප්‍රගතිය අගයකළ එතුමන් කඳවුරු පරිශ්‍රය මැනවින් පවත්වාගෙන යාමට සියලුදෙනා ගන්නා උත්සහය අගය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ගමගේ, යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙම සංචාරය අවසානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. Sports Shoes | balerínky