01st April 2021 12:39:15 Hours
පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පාකිස්තානු විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමියා, සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින උසස් තාක්‍ෂණ කර්මාන්තයක් වන පාකිස්තානයේ ජාතික ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූයේය. පාකිස්තානයේ ජාතික ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බ්‍රිගේඩියර් ටොෆික් අහමඩ් (Brigadier Tofique Ahmed) විසින් කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි සංචාරයක නිරත වූහ.
ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානය පිළිබඳ සිදුකළ කෙටි හැදින්වීමකින් අනතුරුව, වාණිජ අවශ්‍යතා සපුරාලීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවෙමින් පවතින කර්මාන්ත ශාලා සංකීර්ණ පරිශ්‍රයේ යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සංචාරය කළහ. මෙම සංචාරය අවසනයේ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. දෙරට අතර පවත්නා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
වර්ෂ 1965-66 සිට මේ දක්වා පසුගිය දශක තුනක කාලය පුරාවට පාකිස්තානයේ ජාතික ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානය විසින් ආරක්‍ෂක හමුදාවට, පාකිස්තාන විදුලි සංදේශ සංස්ථාවට සහ වෙනත් සංවිධාන සඳහා උසස් තත්ත්වයේ ඇණවුම් නිෂ්පාදනය කරනු ලැබේ. මෙම අවස්ථාවට විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වුහ. Sport media | Nike Shoes