Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 12:15:00 Hours

‘Shake Hands-1’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සාර්ථකව නිමාවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සති දෙකකට ආසන්න කාලයක් පැවැති ‘Shake Hands - 1’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ සමාප්ති උත්සවය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සේනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (31) දින පැවැත්විණි.

යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල, ‘Shake Hands - 1’ යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සංජීව ප්‍රනාන්දු සහ යුද අභ්‍යාසයට සහභාගිවූ ශ්‍රී ලංකා හා පාකිස්තාන අණදෙන නිලධාරින් විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සේනරත් බණ්ඩාර ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ.

මෙම ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා සහභාගී වූ පාකිස්තාන හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්වල අණදෙන නිලධාරීන් දෙරට හමුදාවන් අතර දීර්ඝ කාලයක් පුරා පැවත එන මිත්‍රත්වය හා ද්විපාර්ශික සම්බන්ධතා තහවුරු කරනු වස් දෙරටේ ජාතික ධජයන් එකිනෙකට හුවමාරු කරගත්හ.

දෙරට අතර ද්වීපාර්ශ්වික හා මිත්‍ර සබඳතා වර්ධනය කරමින් පවත්වනු ලැබූ මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ආරම්භ කෙරිණි. උපාය මාර්ගික යුද මෙහෙයුම්, අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රතිවිප්ලවකාරී යුද උපක්‍රම, ත්‍රස්තවාදයට එරෙහි ඒකාබද්ධ යුදමය ප්‍රහාර, ආරක්‍ෂාව හා ලුහුබැඳීම, ත්‍රස්තවාදීන් සැඟවුණු ස්ථාන සොයා ප්‍රහාර එල්ල කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම, ත්‍රස්තවාදීන්ගේ බුද්ධි තොරතුරු එක්රැස් කිරීම, කැරලිකරුවන් පිළිබඳ ඔත්තු බැලීම, ප්‍රහාර සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම යනාදිය විෂය පථයන් ආවරණය කරමින් මෙම යුද අභ්‍යාසය පැවැත්විණි.

මෙම අභ්‍යාසයට සහභාගි වූ සියලුදෙනාට ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සහතික පත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මෙම අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සංජිව ප්‍රනාන්දු විසින් ස්තූතියි කථාව සිදුකළේය. අවසානයේ යුද අභ්‍යාසයේ සමාප්ති උත්සවය සනිටුහන් කරමින් සමුහ ඡායාරූපයකට එක්වූ ශ්‍රී ලංකා සහ පාකිස්තානු භටපිරිස් සුබපැතුම් පිරිනමමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

තවද, මෙම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරල් සේන වඩුගේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් පැවැත්විණි. ඒ සඳහා පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකුගෙන් සහභාගි වූහ.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් නිරීක්‍ෂකයින් ලෙස කටයුතු කළ මෙම යුද පුහුණු අභයාසයේ අවසන් නිදර්ශනය පසුගිය අඟහරුවාදා (30) දින පැවති අතර එහිදී, ගජබා රෙජිමේන්තු භටපිරිස් සතුරු කණ්ඩායමක චර්යා හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කර ඔවුන් උපායශීලීව යටත් කරගැනීමේ ක්‍රියාන්විතයක් සිදු කළහ. Nike footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ