Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 15:17:15 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය එළඹෙන අලුත් අවුරුද්දට පෙර වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් තවත් එක් සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි. එම අවස්ථාවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකා සාමාජිකයන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගී වූහ.

මෙහිදී, නව ආසාදිතයින් හඳුනාගැනීම, ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු පියවරයන් පිළිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමාලෝචනය කළහ. මහජනතාවට ඇතිවන අපහසුතාවය වලක්වා ගනිමින් වෛරසය ආසාදනය වීම අවම කිරීම සඳහා නව ක්‍රියාමාර්ග අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි මෙහිදි පැවසීය.

මේ වනවිට රටපුරා වෛරසය ආසාදනය වීම පහල ගොස් ඇත්තේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් බව කාර්ය සාධක බලකා හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

චීන එන්නත් ආනයනය කිරීම පිළිබඳ අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියේ, අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලිම පරිදී මෙම එන්නත් තොගය මෙරටට ගෙන එන ලද බවත් ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින්ට එම එන්නත ප්‍රමුඛතාවයක් මත ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇති බවයි. ඒ අනුව, චීන ජාතිකයින්ට එම එන්නත ලබාදීම හෙට දින සිට ආරම්භ වන බවද එතුමන් පැවසීය.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඉතිරි එන්නත් 500,000 අප්‍රේල් මස 10 වන දින වන විට මෙරටට ගෙන එනු ලබන අතර ඉන්දියාවේ කොවිඩ් වෛරසය දරුණු ලෙස පැතිරී යාම හේතුවෙන් එන්නත් ගෙන එම කල් දැමීමට සිදුවිය. කෙසේ වෙතත්, එන්නත් කිරීම අප්‍රේල් 10 වනදායින් පසුව ආරම්භ කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. රුසියාවෙන් එන්නත් මිලියන 13 ක් රජය විසින් ඇණවුම් කර ඇති බවත්, ජුනි මස අවසන් සතිය වනවිට එම එන්නත් තොගයෙන් කොටසක් මෙරටට ගෙන ඒමට අපේක්ෂා කරන බවත්, අගෝස්තු මාසය වනවිට සම්පූර්ණ එන්නත් තොගය මෙරටට ගෙන ඒමට හැකිවනු ඇති බවත් එතුමන් පෙන්වා දුන්නේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් සහ යාපනය ප්‍රදේශයෙන් වාර්තා වූ වෛරසය ආසාදිත පොකුරු පිළිබඳ අදහස් දැක්වූ එතුමන් මේ වනවිට එම පොකුරු ඵලදායී ලෙස පාලනය කර ඇති බව පැවසීය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් එතුමන් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 130,000 ක් මෙරටට ගෙන්වාගෙන ඇති බවත් එය අඛණ්ඩව සිදුකරන බවත් පැවසීය.

උත්සව සමයේ සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාව අවධාරණය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ වනවිට පුද්ගලයින් 927,000 කට එන්නත ලබාදී ඇති බවත් තවදුරටත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාවයක් මත එන්නත් ලබාදෙන බවත් පැවසීය. සපුගස්කන්ද සහ යාපනය ප්‍රදේශයේ වෛරසය ආසාදිත නව පොකුරක් ඇතිවීම පිළිබඳ අදහස් දැක්වූ එතුමන් එළඹෙන අලුත් අවුරුද්ද සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ළඟදීම නිකුත් කරන බවත් පැවසීය. best shoes | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth