Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 08:15:40 Hours

වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයින් හැසිරවීමේ පාඨමාලාව සාර්ථකව අවසන්, සුනඛයින් වෙනුවෙන් නව රෝහලක් බුඔය දී විවෘත කෙරේ

‘පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයින් හැසිරවීමේ මුලික පාඨමාලා අංක - 4’ සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (30) දින බූඔය පිහිටි ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ දී පැවැත්විණි. ඉන් අනතුරුව එම පරිශ්‍රයේ පිහිටි K9 සුනඛ අංශයේ ඉදිකල ‘පශූ වෛද්‍ය රෝහල’ විවෘත කරන ලදී.

ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමින්ද ජයසිංහ ගේ ආරාධනයට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන ක‍ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහභාගි වූයේය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලද පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයින් හසුරුවන මූලික පාඨමාලා අංක - 4 යටතේ සාර්ථකව පුහුණුව ලැබු සුනඛයින් හසුරුවන්නන් 29 දෙනෙකු සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයන් 24 දෙනෙකු හා සුනඛයින් හසුරුවන්නන් පාඨමාලාව සමත්ව වූහ. ඔවුන්ට සහතික පත් සහ ලාංඡන විසිරයාමේ පෙළපාලියේදී ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් පිරිනැමීය. පසුව සියලුදෙනා ආමන්ත්‍රණය කළ ප්‍රධාන ආරාධිත අමුත්තා, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සුනඛයන්ගේ කාර්යභාර්ය ඉහළ නැංවිම සඳහා උපදේශකයින් සහ සුනඛ හසුරුවන්නන්ගේ ප්‍රශංසනීය උත්සාහය සහ කැපවීම අගය කළේය.

ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ K9 සුනඛ අංශයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවැති ‘පශූ වෛද්‍ය රෝහල’ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් විවෘත කෙරිණි. මෙම පශු වෛද්‍ය රෝහල සුනඛ ශල්‍යාගාරයකින්, සැරහුම් කාමරයකින් සහ සුනඛ වාට්ටුවකින් සමන්විත වේ. තවද, මෙහි අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පහසුකම්, විද්‍යුත් කන්ථුක රේඛණ පහසුකම් සහ එක්ස්-රේ පහසුකම්වලින් සමන්විත වේ. ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ප්‍රතිපාදන යටතේ ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවේ සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මෙම රෝහල ඉදිකළහ.

පශු වෛද්‍ය රෝහල විවෘත කිරීම සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ K9 සුනඛ අංශ පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

මෙම අවස්ථාවට ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර, ඉංජිනේරු බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මහින්ද ජයවර්ධන, ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමින්ද ජයසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න, වැඩබලන පොදු කාර්යය ඉංජිනේරු බලසේනාධිපති ලුතිනන් කර්නල් එෆ්. ජෝසෆ්, ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනා මුලස්ථානයේ කර්නල් ව්‍යාපෘති, 8, 9 හා 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවල සහ අණදෙන නිලධාරීන් සහ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය (CBRN), අනෙකුත් නිලධාරීන් සහ ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාව ඇතුළු ඒ යටතේ ස්ථාපිත ඒකකවල සෙසුනිලයින් සහභාගි වූහ. latest Running | nike air max 95 obsidian university blue book list