Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2021 15:00:24 Hours

54 වන සේනාංකයේ භටපිරිස් තවත් ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනා මුලස්ථානයේ රාජකාරී නියුතු බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව පසුගිය ඉරිදා (01) දින ක්‍රියාත්මක වූ භටපිරිස් මන්නාරම, පේසාලේ වෙරළ ආසන්නයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝ 46 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 13.8 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලීස් ස්ථානය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

54 වන සේනාංකයේ භටපිරිස් පසුගිය මාස කිහිපය තුළ මන්නාරම් දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම්වලදී ජාවාරම් කිරීමට සූදානම් කර තිබූ ගංජා සහ වියළි කහ අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, එවායේ වටිනාකම රුපියල් මිලියන 200 කට අධිකය. මෙම සියලු මෙහෙයුම් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 54 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී. buy footwear | nike air speed turf rose gold price per gram