Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2021 10:15:00 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් අඟහරුවාදා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

මෙහිදී, යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අමිල සේවය පැසසුමට ලක් කළ අතර මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් සිය වෘත්තීය දිවිය තුළ හෙබවූ තනතුරු පිළිබඳව ද එහිදී සිහිපත් කළේය. එමෙන්ම, මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් සේවා කාලය තුළ යුද්ධ හමුදාවට මෙන්ම සිය රෙජිමේන්තුවට සිදුකළ සේවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය මෙහිදි එතුමන් වෙත පිරිනැමුවේය.

විශ්‍රාම යන මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් තම සේවා කාලය තුළදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් සහ මඟපෙන්වීම්වලට සිය ස්තූතිය මෙහිදි පළ කළේය.

මෙම සුහද හමුව අවසානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි. Best jordan Sneakers | Nike Running