Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2021 15:02:02 Hours

යාපනයේ භටපිරිස් දකුණේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව වියලි සළාක තොගයක් බෙදාදෙති

දකුණේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස්, විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන යාපනය ප්‍රදේශයේ තෝරාගත් පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල්, පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ සහ ගැබිණි මව්වරුන් සඳහා අවශ්‍ය උපකරණ තොගයක් බෙදාදුන්හ. පසුගිය ඉරිදා (28) දිනට යෙදී තිබු මැදින් පුන් පොහෝය දින කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ඉල්ලීමකට අනුව තුෂාරා තේනුවර, මහාචාර්ය සමිත මානවඩු සහ මහාචාර්ය නිමල් ද සිල්වා යන මහත්ම මහත්වරුන් තිස්ස රජමහා විහාරයේ ආගමික හා සමාජ සංවර්ධන පුණ්‍යායතනය හා එක්ව මෙම පරිත්‍යාගයන් සිදු කළහ.

ආගමික වතාවත් වලින් අනතුරුව ආරම්භ කළ මෙම වැඩසටහනේදී පූජ්‍ය බොගවන්තලාවේ රාහුල හිමිපාණන් ‘බෞද්ධ දර්ශනය’ පිළිබඳ අනුශාසනාවක් දමිල බසින් සිදුකළහ. මෙම අවස්ථාවට රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, උතුර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිසුදරු දැරියන්ගේ දෙමාපියන් සහභාගි වූහ. affiliate tracking url | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD