Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2021 15:34:31 Hours

ගජබා රෙජිමේන්තු පුහුණු පාසලේදී තවත් ආධුනික සෙබලුන් 336 ක් විසිරයති

සාලියපුර ගජබා රෙජිමේන්තු පුහුණු පාසලේ නිත්‍ය ආධුනික සෙබල පාඨමාලා අංක - 71 සහ ස්වේච්ඡා පාඨමාලා අංක - 22 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 336 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (23) දින ඉපලෝගම, ගජබා රෙජිමේන්තු ආධුනික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය.

ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ලබාදුන් උපදෙස් හා මඟපෙන්වීම මත ගජබා රෙජිමේන්තු පුහුණු පාසලෙන් පුරා මාස 4 කට අධික කාලයක් පුහුණු හැදෑරු නව ආධුනික සෙබලුන් විසින් මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු සහ පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මාන ආධුනික සෙබල එච්. සිතිච විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි සම්මානය ආධුනික සෙබල ඩබ්ලිව්.ඒ.පී.එන්.ජේ. සම්පත් විසින් හිමිකරගත්හ. එම සම්මාන ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් මෙහිදි පිරිනැමීය.

පුහුණු කටයුතු සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුහුණු මධ්‍යස්ථානයක් තිබීමේ වැදගත්කම වටහාගත් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ මුලිකත්වයෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු පුහුණු පාසල වර්ෂ 1989 ජුනි 01 වන දින ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ආධුනික සෙබලුන් 17,128 පුහුණු කර රට දැය වෙනුවෙන් දායාද කර ඇත.

මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින්, දෙමාපියන් සහ ඥාතීන් සහභාගි වූහ. Sports Shoes | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes