Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 18:13:27 Hours

රෙජිමේන්තු උපකරණ පාලන පාඨමාලාව අංක 66 සාර්ථකව නිමකළ සිසුන් 58 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරේ

රෙජිමේන්තු උපකරණ පාලන පාඨමාලා අංක 66 සාර්ථකව නිමකල කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය පසුගිය අඟහරුවාදා (16) දින දොඹගොඩ යුධෝපකරන බලකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජගත් ගමගේ සහභාගී වූ අතර, එතුමන්ව යුධෝපකරණ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා විසින් පිලිගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් ජ්‍යේෂඨ නිලධාරීන් 58 කින් යුත් කණ්ඩායමක් පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව සහතික පත් ලබා ගන්නා ලදී. මෙම පාඨමාලාවේ දක්‍ෂතම සිසුවාට හිමි සම්මානය 8 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් ජේ. ඒ. එස්. බී ජයකොඩි විසින් හිමිකර ගත්තේය.

මෙම අවස්ථාව සඳහා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක මේජර් සඳුන් දිලන්ත සහ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් කසුන් ගමගේ ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ. Sports Shoes | Nike Running