Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 18:13:33 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා භටපිරිස් හමුවෙයි

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් නයිජර්.ජේ. බෙස්ට් (Brigadier Niger J Best) පසුගියදා එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් හමුවිය.

දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකීක බළමුළුවේ අණදෙන නිලධාරී කර්නල් ඩි.ආර්.එස්.ඒ. ජයමාන්න විසින් එහි සපැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිලිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුද කරන ලදී. පසුව මාණ්ඩලික ප්‍රධානී වෙත බලඇණියේ රාජකාරි සිදුකරන නිලධාරීන් හදුන්වාදෙන ලදී.

මේජර් කේ.එම්.එස්.ටි. කුලතුංග එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකික භටපිරිස් විසින් සිදුකරන රාජකාරී පිළිබඳ බ්‍රිගේඩියර් නයිජර්.ජේ. බෙස්ට් දැනුවත් කළේය. ඉන් අනතුරුව බ්‍රිගේඩියර් නයිජර්.ජේ. බෙස්ට් වෙත සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය. best Running shoes | Women's Nike Air Max 270 trainers - Latest Releases