Header

Sri Lanka Army

Defender of the Nation

24th March 2021 21:08:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේදී ආධුනික සෙබලුන් 188 දෙනෙකු විසිරයති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 79 විසිරයෑමේ පෙළපාලිය පසුගිය අඟහරුවාදා (23) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේදී පැවැත්විණි.මාස හතරක සාර්ථක පුහුණුව හැදෑරු ආධුනික සෙබලුන් 188 දෙනෙකු මෙහිදි විසිර ගියහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ සහභාගී වූයේය.

2020 නොවැම්බර් මස 23 දින ආරම්භ කළ මෙම පාඨමාලාව මාස 04 ක කාලසීමාවකින් පසුව 2021 මාර්තු මස 23 දින අවසන් විය. පාඨමාලාවෙහි අධීක්‍ෂණ කටයුතු පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා පුහුුණු අණසක සහ ආධුනික පුහුණු සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන් ඒකාබද්ධව සිදුකළ අතර එහි නිරීක්‍ෂණ කටයුතු කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය විසින් සිදුකළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.ඒ කීර්තිනාත විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපමිණි මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ උණුසුම් අයුරින් පිළිගත්තේය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුද කළේය.පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් එම්.ඩබ්ලිව්. විශ්වමිත්‍ර විසින් පෙළපාලියේ අණදීම සිදුකළේය.

සියලු ආධුනිකයින් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රතිඥා දීමෙන් අනතුරුව ඔවුන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු නව රටක්’ව්‍යාපෘතිය සංකේතවත් කරමින් පැළයක් ප්‍රදානය කරන ලදී.

පසුව, ආරාධිත අමුත්තා පාඨමාලාවේ දක්‍ෂතම සෙබලුන් වෙත සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කරන කළේය.ප්‍රායෝගික පරික්‍ෂණ සහ ලිඛිත පරික්‍ෂණ අතරින් පාඨමාලාවේ දක්‍ෂතම ආධුනික සෙබලාලෙස සෙබල පී.ජී.සී බණ්ඩාර සම්මාන හිමිකරගත්තේය. සෙබල එම්.එන් නිම්සර පාඨමාලාවේහොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා ලෙස ද, කේ.ඩී සංකල්ප පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ද සම්මාන දිනා ගත්හ.

අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වු මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ සිය දේශනය සිදුකරමින් විනය පවත්වාගැනීමේ වැදගත්කම, ඉදිරියේදී පුහුණු සෙබලුන් ලෙස රාජකාරි කිරීමේදී තම අභිමානය රැකෙන පරිදි කටයුතු කිරීමටත් උපදෙස් ලබාදුන්නේය.

මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ටී.එම්.ජී.ජී.එස්. තෙන්නකෝන්, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහලගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නියෝජ්‍ය සේනාවිධායකබ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස්, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙනුවෙන්ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ පුහුණු උපදේශක බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. bridge media | Footwear