Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2021 18:13:47 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර සංචාරයක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (12) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් නැගෙනහිර පළාතේ සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු සහ අණදෙන නිලධාරීන් හමුවිය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී පිරිනැමු හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive past) පුද කිරීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රදේශයේ ආරක්‍ෂක තත්ත්වය, සිවිල්- හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති සහ අනෙකුත් කාරණා පිළිබඳ 22, 23 හා 24 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, සියලුම බලසේනාධිපතිවරුන්, 7 වන කාලතුවක්කු හමුදාවේ, 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ, 7 වන සන්නද්ධ බුද්ධි බලකායේ සහ 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

සාකච්ඡාව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබූවේය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිදුකළ සංචාරය අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නාවල්අඩි පිහිටි 6 වන ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එහි නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. Running sport media | Nike