Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2021 14:30:02 Hours

533 වන බලසේනාවේ 24 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරති

ගල්නෑව ප්‍රදේශයේ ස්ථාපිත 533 වන බලසේනාවේ 24 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් නන්දන ගේ මඟපෙන්වීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් රැසක් සමගින් අභිමානවත් අයුරින් සැමරීය.

සංවත්සර දිනය ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් පැවති අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදෙසා දානමය පුන්‍යකර්මයක් සහ බෝධි පූජා පිංකමක් පැවැත්විණ.

බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් නන්දන වෙත සංවත්සර දිනයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමා ආචාර කළ අතර සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් සියලු නිලයන් ඇමතීමෙන් අනතුරුව තේපැන් සංග්‍රහයකට ද සහභාගී වූයේය.

එම බලසේනාවේ 24 වන සංවත්සර වැඩසටහන් මාලාව සඳහා බලසේනාධිපතිවරුන් මෙන්ම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන් හී අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වුහ. Best Authentic Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov