15th March 2021 15:20:18 Hours
නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ අවන්හලක නවාතැන් ගෙන සිටියදී පසුගිය සෙනසුරාදා (13) දින අතුරුදහන් වූ පුද්ගලයෙකු, 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ විශේෂ කාර්යය බලකා භටපිරිස් පොලිසියේද සහය ඇතිව සොයාගත්හ.
නාමල් සුලෝචන (33) නැමති මෙම පුද්ගලයා පසුගිය 13 වන දින ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමෙන් අනතුරුව රම්බොඩ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී පසුගිය ඉරිදා (14) දින උදෑසන මෙලෙස අතුරුදහන් වී ඇති බවට ඔහු සමග වන්දනා ගමනට සහභාගී වු පිරිස පොලීසියට පැමිණිලි කළහ.
මෙම සිදුවීම සම්බන්ධව පොලිසිය විසින් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත දැනුම් දීමෙන් අනතුරුව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ මඟපෙන්වීම මත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඒ.එම් රත්නායක ගේ අධීික්‍ෂණය යටතේ 37 දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් විසින් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම දියත් කළහ.
එම මෙහෙයුම අතරතුරදී අදාළ පුද්ගලයා රම්බොඩ ඇල්ල ආසන්නයේ විජලන තත්ත්වයට පත්ව බිම වැටී සිටියදී සොයා ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සමත්වූහ. අනතුරුව පොලිසියේ සහය ඇතිව එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත පිටත් කර හරින ලදී. මෙම සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ කොත්මලේ පොලිසිය විසින් සිදුකරයි.
මෑත කාලයේදී දියත්කරනු ලැබු මඩොල්සිම සහ බදුල්ල ප්‍රදේශවල අතුරුදහන් වූවන් සෙවීමේ ක්‍රියාන්විතවලදී යුද්ධ හමුදා භටපිරිස් පෙරමුණ ගෙන ක්‍රියා කළහ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ක්‍රියාන්විතයන්ට දායක වූ යුද්ධ හමුදා භටපිරිස් සිය කාර්යාලය වෙත කැඳවා ඔවුන් දිරිමත් කරමින් ප්‍රශංසා කිරීමට ද කටයුතු කළේය. Sportswear free shipping | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov