14th March 2021 21:10:13 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව, කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් අද (14) දින හසලක ගම්මානයේදී විශේෂඥ වෛද්‍ය ජංගම සායනයක් පවත්වමින් ගම්වැසියන් විශාල සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාදුන්හ.
මෙම වැඩසටහන සිරස මාධ්‍යජාලයේ ‘සුව යාත්‍රා’ වැඩසටහන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලදී. ඖෂධ ගබඩාවක්, විකිරණශීලි අංශයක් සහ රෝගී ඇඳන් ඇතුළු අනෙකුත් වෛද්‍ය උපාංග වලින් සමන්විත මෙම ජංගම වෛද්‍ය සේවයේදී කායික රෝග, හෘද රෝග, ප්‍රසව හා නාරිවේද, විකලාංග ශල්‍ය වෛද්‍ය, උගුර, කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, පෝෂණවේදී, මෞතික රෝග චිකිත්සක, ස්නායු රෝග සහ ළමා රෝග ඇතුළු රෝග රැසකට වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදුන්හ. යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි.
හසලක මිනිපේ බණ්ඩාරනායක විද්‍යාල පරිශ්‍රයේ පැවැති මෙම වැඩසටහන සඳහා යුද සමයේදී තම ජිවිතය පූජාකළ හසලක වීරයා ලෙස හැදින්වෙන දිවිපිදු ගාමිණි කුලරත්න විරුවාගේ ආදරණීය මැණියන් ද සහභාගි වී වෛද්‍ය උපදෙස් ලබාගත්තේය.
එම රෝගින්ට විශේෂඥ වෛද්‍ය සේවා ලබාගැනීම සඳහා මහනුවර හෝ බදුල්ල රෝහල වෙත යාම ඉතා දුෂ්කර කාර්යක් බැවින් මෙම ජංගම වෛද්‍ය සේවාව තුලින් ඔවුන්ට රෝගාබාධ රැසක් සඳහා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකි විය.
මෙම වෛද්‍ය සායනයට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරධ සමරකෝන්, බ්‍රිගේඩියර් (වෛද්‍ය) ක්‍රිෂාන්ත ප්‍රනානාදු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිල රැසක් ද සහභාගි වූහ. Sports brands | Nike Shoes