Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2021 17:08:13 Hours

ප්‍රධාන සංඥා නිලධාරී, 4 වන සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී හා ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පිරිස්, පසුගිය බ්‍රහස්පතින්දා (11) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානය වෙත සිය පලමු සංචාරය සිදු කළේය.

4 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අශෝක පිරිස්, එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් දර්ශන මුතුගල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. පසුව, එතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා අණදෙන නිලධාරී විසින් එම ඒකකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ කර්නල් සේනාවිධායක දැනුවත් කළ අතර වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳවත් අනෙකුත් සන්නිවේදන අවශ්‍යතා පිළිබඳවත් එහිදි තවදුරටත් සාකච්ඡා කරන ලදී.

පසුව, මේජර් ජෙනරල් අශෝක පිරිස් එම ඒකකයේ භටපිරිස් අමතමින් නවීන තොරතුරු තාක්‍ෂණ සන්නිවේදනක්‍රම පිළිබඳව දැනුවත්විමේ හා පුහුණුව ලැබීමේ වැදගත්කම පිළිබදව පැහැදිලි කළේය.

පසුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පිහිටි සන්නිවේදන පරික්‍ෂණාගාරය, සෙසුනිල භඨනිවාස සහ භෝජනාගාර නිරික්‍ෂණය කළේය. ඉන් පසුව බලලත් නිලධාරී නිවස්නයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගි වු එතුමන් කඳවුරු පරිශ්‍රයේ නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් ද තැබූවේය.

ඉන් අනතුරුව, 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානය වෙත සපැමිණි ප්‍රධාන සංඥා නිලධාරී, එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බිමල් ජයශාන්ත විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමුහ. පසුව, භටපිරිස් ඇමතු එතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි වුයේය. මෙම සංචාරය අවසානයේ ප්‍රධාන සංඥා නිලධාරී කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරින්ද්‍ර රණසිංහ සමග විශේෂ සාකච්ඡාවකට සහභාගි වූයේය. bridgemedia | Nike SB