Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2021 17:12:13 Hours

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (11) දින හමුවිය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි සහකාර ආරක්‍ෂක උපදේශක, එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙම සුහද හමුවේදී ප්‍රදේශයේ වත්මන් තත්ත්වය සහ සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ද සහභාගි විය. සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. best shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf