Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2021 17:15:13 Hours

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවැත්වු කනිෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව අංක-20 සාර්ථකව අවසන්

කනිෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලා අංක - 20 සාර්ථකව අවසන් කළ නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය මාර්තු මස 09 වන දින බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගි වූයේය. එසේම, එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊට සහභාගි වූහ.

2020 වර්ෂයේ නොවැම්බර් මස 23 දින ආරම්භ වු මෙම පාඨමාලාව සිව් මසක් මුළුල්ලේ පැවැත්විණ. පාඨමාලාව පුරාවටම සියලුම අංශයන්හි කැපීපෙනෙන දක්‍ෂතාවයක් පෙන්වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඩබ්ලිව්.ඒ.සී.එන් කරුණාතිලක පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත්තේය. ඒ මෙම පාඨමාලාව සහභාගි වූ අනෙකුත් නිලධාරීන් 76 දෙනෙකු අභිබවමිනි.

මෙම උත්සවයේ සහතිකපත් ප්‍රදානය කිරීම, නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක සහ ප්‍රධාන උපදේශකගේ විසින් සිදුකරන ලදී. මෙහිදී, උපදේශකවරුන්ගේ කැපවීම අගය කරමින් ශිෂ්‍ය නිලධාරීන් විසින් කුඩා ගුවන් විදුලි යන්ත්‍ර කට්ටල 08 ක් ත්‍යාග ලෙස මෙහිදි උපදේශකවරුන්ට පරිත්‍යාග කරන ලදී. පසුව සේනාවිධායකතුමන් සියලුදෙනා ආමන්ත්‍රණය කළේය. පාඨමාලාවේ නිමාව සනිටුහන් කරමින් එදින විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

පහත සඳහන් නිලධාරීන් පස්දෙනා විසින් සමස්ත පාඨමාලාවේ ඉහල ප්‍රතිඵල ලබාගත් අතර සේනාවිධායක විසින් ඔවුන්ට සුභපැතුම් සහ සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.

මේජර් ඩබ්ලිව්.ඒ.සී.එන්. කරුණාතිලක - ශ්‍රී ලංකා පාබල හමුදාව

මේජර් ඒ.ඩි.එච්.ඩි.ඩි. බන්දුසේන ආර්ඩබ්ලිව්පි - විශේෂ බලකාය

මේජර් එස්.ඒ.පී.ආර්. ගුණසේකර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

මේජර් කේ.එච්.එල්.වී. කරුණාරත්න - ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව

මේජර් ඩබ්ලිව්.එම්.එන්.එන්. විජේරත්න - ගජබා රෙජිමේන්තුව bridge media | adidas poccnr jumper dress pants size