Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2021 17:37:01 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඔට්ටමාවඩි සුසාන භූමියේ නිරීක්‍ෂණ සංචාරයක

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ජීවිතක්‍ෂයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කරනු ලබන ඔට්ටමාවඩි සුසාන භූමියේ සෙනසුරාදා (13) දින නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහි භූමදාන කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය සේවකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වෛරසය ආසාදනය වී ජිවිතක්‍ෂය වන පුද්ගල දේහයන් භූමදානය කිරීමේ කටයුතු සහ එම කටයුතුවල නිරතව සිටින සෞඛ්‍ය සේවකයින්ගේ සහ ඒ සඳහා සහය ලබාදෙනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පූර්වාරක්‍ෂක ක්‍රියාමාර්ගයන් පිළිබඳව නිරීක්‍ෂණය කළේය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් එහි කටයුතු කරනු ලබන සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සිය අදහස් ප්‍රකාශ කළහ.

එමෙන්ම, නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය අවසන් කොට යුද්ධ හමුදාධිපතිතුමන් ආපසු ගමන් කරනු ලබන අතරතුර වලච්චේනි නගර වැසියන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගැනීමට අමතක නොකළේය. Best Authentic Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger