Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2021 13:37:02 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස අතිගරු ජනාධිපතිතුමන් පසුගිය සෙනසුරාදා (06) දින ගිරිබාව ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් අනුව ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ගිරිබාව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉකුත් සිකුරාදා (12) දින ආරම්භ කරන ලදී.

එම විද්‍යාලයේ පසුගිය දිනවල අ.පො.ස (සා/පෙළ) විභාගය පැවැත්වීම හේතුවෙන් ක්‍රිඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම සිකුරාදා (12) දින දක්වා කල්දැමීමමට සිදුවිය.

අතිගරු ජනාධිපතිතුමන් පසුගිය සෙනසුරාදා (06) දින සිදුකළ ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහන අතරතුරදී, ගිරිබාව විද්‍යාලයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරදෙන මෙන් එම විද්‍යාලයේ සිසුන්, දෙමව්පියන් සහ ගුරුවරුන් විසින් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳ පුර්ණ විශ්වාසයකින් යුතුව ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරදෙන මෙන් එහි සිටි යුද්ධ හමුදා නිලධරීන්ට අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් දුන්නේය.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ අධීක්‍ෂණය යටතේ පසු දින (07) ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කල නමුත් අ.පො.ස (සා/පෙළ) විභාගය හේතුවෙන් ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම කල් දැමීමට සිදුවිය. යුද්ධ හමුදා පොදුකාර්ය ඉංජිනේරු බලසේනා භටපිරිස්හී ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික විශේෂඥ දැනුම හා යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ උපයෝගි කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරිමට නියමිතය. Adidas footwear | NIKE AIR HUARACHE