Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2021 16:52:13 Hours

නැගෙනහිර භටපිරිස් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමු ස්ථානයක් වටලයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විශේෂ බලකායේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ඇල්ල කන්තලේ ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස වැලි ගොඩදැමීම සඳහා යොදාගත් වාහන සහ අනෙකුත් මෙවලම් තොගයක් අත්අඩංගුවට ගත්හ.

භටපිරිස් විසින් එම ස්ථානය වටලන අවස්ථාවේදී වැලි ජාවාරමේ නිරත පිරිස ඔවුන්ගේ මෙවලම් සහ ට්‍රැක්ටර් අතහැර දමා පලා ගොස් ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් වාහන සහ අනෙකුත් මෙවලම් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිසිය වෙත භාරදෙන ලදී.

සමාජ විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහයෝගය ලබාදෙන මෙන් අතිගරු ජනාධිපතිතුමන් යුද්ධ හමුදාවට ලබාදී ඇති උපදෙස් වලට අනුව පොලීසිය සමඟ සම්බන්ධීකරණයෙන් මෙවැනි වැටලීම් සිදුකරන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදාළ ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අණදෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. Adidas shoes | adidas Campus 80s South Park Towelie - GZ9177