11th March 2021 10:15:19 Hours
සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉදිකළ මෙම දෙමහල් ගොඩනැගිල්ල පුස්තකාලයක්, තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් සහ දේශන ශාලාවකින් සමන්විතය.
මෙම අවස්ථාවට වැඩමවා වදාළ අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහා නිකායේ, ඌව වෙල්ලස්ස කලාපීය මහා සංඝනායක සහ සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙනේ පිරිවෙනාධිපති අතිපූජ්‍ය හීල්ලේ ඥාණානන්ද නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකළ ආගමිකවතාවත්වලින් අනතුරුව, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සමරු ඵලකය නිරාවරණය කර විවෘත කළේය. භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපනය හදාරන මෙම පිරිවෙන් පරිශ්‍රයේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යුද්ධ හමුදාව ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය එම ගොඩනැගිලි පරිශ්‍රය නිරීක්‍ෂණය කළහ.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ බැතිමතුන් රැසක් සහභාගී වූහ. Adidas footwear | Releases Nike Shoes