Header

Sri Lanka Army

Defender of the Nation

11th March 2021 15:58:04 Hours

'යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානය’ එලදුමඩ්ඩුවාල් භටපිරිස් හා එක්ව රුක්රෝපණ වැඩසටහනක් පවත්වති

යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානය (HUDEC) සහ සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය (SEDEC) ඒකාබද්ධව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සමගින් ‘පවුල හා උතුරෙහි මිතුදම’ යන තේමාවෙන් පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා (09) දින යාපනය එලදුමඩ්ඩුවාල් ප්‍රදේශයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය අගරදගුරු සහ යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ (SEDEC) සභාපති, ආචාර්ය ජස්ටින් බී ඥාණප්‍රගාසම් හිමිපාණන්, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ යාපනය සහකාර දිස්ත්‍රික් ලේකම් සහභාගී වූහ. යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානයේ (HUDEC) අධ්‍යක්‍ෂ රදගුරු ඉයුජින් ෆ්‍රැන්සිස් පියතුමන් විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය ලබාදුන්හ.

සියලු ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව යාපනය කතෝලික දේවස්ථාන මානව සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ රදගුරු එස්. ඉයුජින් ෆ්‍රැන්සිස් පියතුමන් පියතුමන් විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී.

පසුව මෙම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා යාපනය අගරදගුරු හිමිපාණන් විසින් ඵලකයක් නිරාවරණය කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් ජනවර්ගයා අතර පවත්නා සාමය හා සුහදත්වය පෙන්නුම් කිරීම සඳහා සුදු පරවියන් ගුවනට මුදා හරින ලදී.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් පිරිස විසින් අඹ, දොඩම්, පේර, කොස්, කජු සහ දෙළුම් ආදී පැළ වර්ග 2000 කට අධික ප්‍රමාණයක් රෝපණය කළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ‘තුරු මිතුරු - නව රටක්’ පැළ රෝපණ වැඩසටහන පැවැත්වීම සඳහාත් එය සාර්ථක කරගැනීම සඳහාත් යුද්ධ හමුදා දායකත්වය ලබාගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් යාපනය අගරදගුරුතුමාට ස්තූතිය පළකරන බව මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මෙහිදී ප්‍රකාශ කළේය.

යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානයේ (HUDEC) පරිපාලන ලේකම් නිතිලා මාරියම්පිල්ලෙයි මහත්මිය විසින් ස්තූති කථාව සිදුකරමින් මෙම ව්‍යාපෘතිය සඳහා උපකාර කළ භටපිරිස් වෙත සිය ස්තූතිය පුදකළාය.

මෙම වැඩසටහන අවසානයේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ අනෙකුත් ආරාධිතයින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් විසින් නිපදවා තිබූ අත්කම් නිර්මාණ සහ උපකරණ පරික්‍ෂා කළ අතර ඒවා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන්නේද යාපනය කතෝලික දේවස්ථාන මානව සංවර්ධන මධ්‍යස්ථානයයි.

මෙම අවස්ථාවට ආගමික පූජකවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යාපනය කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත මානව සංවර්ධන මධ්‍යස්ථානයේ (HUDEC) සහ කතෝලික දේවස්ථානයන්ට අනුබද්ධිත සමාජ හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ (SEDEC) සාමාජිකයින් සහ භටපිරිස් සහභාගී වූහ. Running sport media | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ