09th March 2021 10:51:29 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිසක් විසින් නයාරු කලපුවට පෙරලුනු කැබ් රථයක සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරාගැනීමට කටයුතු කළහ. ඉකුත් සදුදා (08) දින කෝකිලායි සිට මුලතිව් දක්වා පුද්ගලයින් තිදෙනෙකු සමඟ ගමන් කරමින් තිබූ මහින්ද්‍රා වර්ගයේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නයාරු කලපුවට පෙරලී මෙම හදිසි අනතුර සිදුවිය.
මෙම කැබ් රථය කලපුවට වැටුනු ස්ථානයේ රාජකාරීයේ නිරතව සිටි යුද්ධ හමුදා භටපිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී ඔවුන්ගේ ජීවිත බේරාගත්හ.
මූලික ප්‍රතිකාර වලින් අනතුරුව ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා මාන්චෝලේ දිස්ත්‍රික් රෝහල වෙත භටපිරිස් විසින් රැගෙන යනු ලැබිණි.
සිවිල් වැසියන් රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව හානියට පත් ජීප් රථය එම භටපිරිස් විසින් කලපුවෙන් පිටතට ගෙන යන ලදී. Authentic Nike Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes