Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2021 15:20:05 Hours

කනිෂ්ඨ නිලධාරි භඨකාර්ය සම්පාදන පාඨමාලාව අතරතුර යුද්ධ හමුදා නිලධාරීන් IOC මූලස්ථානයෙහි ක්‍ෂේත්‍ර සංචාරයක

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ පවත්වන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරණ යුද්ධ හමුදා නිලධාරින් පිරිසක් එම පාඨමාලාවේ එක් අධියරයක් සම්පූර්ණ කිරීම සඳහා ලංකා IOC මූලස්ථානයෙහි අධ්‍යන සංචාරයක පෙබරවාරි මස 15 දින නිරත වූහ.

එහිදි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටින්, ගබඩා කිරීම, තෙල් පිරිපහදු හා බෙදා හැරීමේ පද්ධතිය ආදිය ආවරණය කරමින් “සැපයුම් දාම කළමනාකරණය” පිළිබඳ දේශනයක් දේශකයන් විසින් පවත්වන ලදී. එසේම, ලංකා IOC සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන වාහන ඉන්ධන, ලිහිසි තෙල්, තාර, ඛනිජ රසායනික ද්‍රව්‍ය ආදිය පිළිබඳ හඳුන්වා දීමක් ද සිදු කරන ලදී.

සහකාර කළමණාකරු මෙහෙයුම් සහ ලංකා (IOC) අයි.ඕ.සී. හි විධායක ආරක්‍ෂ කළමණාකරු ඇගිලන් මහතාගේ මඟ පෙන්වීම යටතේ ශිෂ්‍ය නිලධාරීන් ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වූහ.

මෙම සංචාරයේදී නැව් මගින් ගොඩබිමට තෙල් ප්‍රවාහනය කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව ද ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් වූ අතර, පසුව ඔවුන්ට ගිනි නිවීමේ අභ්‍යාසයක නිරත වීමට ද අවස්ථාව ලැබිණ.

අවසාන වශයෙන්, කනිෂ්ඨ නිලධාරි භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරණ යුද්ධ හමුදා නිලධාරින් විසින් ලංකා IOC හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, බිනෝජ් පෝල් මහතා වෙත සමරු සිහිවටනයක් තිළිණ කළේය.

මෙහි අවසන් අංගය ලෙස ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශක සහ භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සාමාජිකයින් විසින් කනිෂ්ඨ නිලධාරි භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 17 හදාරණ යුද්ධ හමුදා නිලධාරින් වෙත සහභාගී වීමේ සහතික ප්‍රදානය කරන ලදී. Adidas shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta