Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2021 13:20:05 Hours

යුද හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ පුහුණුව ලබන විදේශිය සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දකුණේ සංචාරයක

ත්‍රිකුණාමලයේ පිහිටි යුද හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ පුහුණුව ලබන විදේශිය සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් පෙබරවාරි මස 21 සිට 25 දක්වා කාලය තුළ දකුණු පළාතේ සංචාරයක නිරත වූහ.

බංගලාදේශයේ සහ නේපාලයේ විදේශීය සිසුන් සඳහා මෙම සුහඳ චාරිකාව යුද හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර ඇතුලු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

සංචාරය අතරතුර, ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මාදු ගඟේ බෝට්ටු සාවාරියක්, කැස්බෑවන් අභිජනනාගාරය, ගාලු කොටුව, ගාල්ල ජාතික කෞතුකාගාරය සහ සමුද්‍ර කෞතුකාගාරය, රිදීගම සෆාරි උද්‍යානය, පක්ෂි පර්යේෂණ මධ්‍යස්ථානය, මදුනාගල උණුවතුර උල්පත් සහ සූර්ය ශක්ති බලාගාරය අතුලු ස්ථාන රැසක් දැක බලා ගැනීමට හා විනෝද ක්‍රියාකාරකම්වල නිරත විමට අවස්ථාව උදා වූහ.

තවද, ඔවුන්ට ඒ අතතුරදී ශ්‍රී ලාංකිය අන්‍යතාවය සහිත දේශීය ආහාරපාන රසවිදිමේ අවස්ථාව ද හිමි විය.

මෙම විශේෂ චාරිකාව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත යුද හමුදා භටකාර්ය සම්පාදන පුහුණු පාසල විසින් සංවිධානය කරන ලදී. jordan Sneakers | Mens Flynit Trainers