Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2021 16:30:58 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති 64 වන සේනාංකයේ සංචාරයක

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ පසුගිය අඟහරුවාදා (02) දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූයේය.

සංචාරයේ නිරත මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාව සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ. bridge media | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK