Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2021 16:00:58 Hours

ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත් ආචාර්ය පබ්ලිස් සිල්වා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී සූපවේදී කලාව පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලාංකික දේශිය සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිත ආහාර සංස්කෘතිය ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා මහඟු කර්තව්‍යයක් ඉටු කරනු ලබන ගල්කිස්ස හෝටලයේ සූපශාස්ත්‍ර කටයුතු හා ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ සූපවේදී, දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා මාර්තු මස 1 සහ 2 දිනයන් වලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී වැඩමුළුවක් පැවැත්වූවේය. මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති සියලුම ඒකකයන්හී සිටින සූපවේදීන්ගේ සූපශාස්ත්‍ර කුසලතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීය.

මෙම වැඩසටහනේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත ආහාර සංස්කෘතිය සඳහා භාවිත කරනු ලබන ඖෂධීය කුළුබඩු පිළිබඳව හඳුන්වා දුන් අතර, සූපවේදී පබ්ලිස් සිල්වා මහතා විසින් ඒ පිළිබඳ කෙඩෙට් නිලධාරින් සහ නිලධාරින් මනාව දැනුවත් කරනු ලැබීය. වැඩසටහන අතරතුර, සාම්ප්‍රදායික ආහාර, ප්‍රතිශක්තිය, පෝෂ්‍යදායීභාවය පිළිබඳ වැඩසටහනට සහභාගී වූවන් දැනුවත් කළේය. එසේම, එහිදී පැවති ප්‍රායෝගික වැඩසටහනේදී ආහාර වට්ටෝරු, සූපශාස්ත්‍ර ක්‍රම ආදිය පිළිබඳව එතුමන් විසින් වැඩිදුරටත් පැහැදිලි කළේය.

මෙම වැඩසටහනේ දෙවන දිනයේදී, ඒ සඳහා සහභාගී වූවන් කුකුල් මස් ‘දාදු’, එළවළු පැකෝඩා, ලුණු මිරිස් වර්ග, එළවළු සළාද, අඹ චට්නි සහ දේශිය කුළුබඩු සහිත පාන් පුඩින් වැනි විවිධ ආහාරපාන සැකසීම පිළිබඳ අවබෝධයක් ලබාගත්හ. වැඩිදුරටත් සූපවේදී දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා මහතා ප්‍රකාශ කළේ ආහාර පිසීමේදී සූපවේදියෙකු සතුව කරුණාව හා විඥානය මනාව පැවතීම තුලින් සෞඛ්‍ය සම්පන්න සහ රසවත් ආහාර වේලක් සකස් කරගැනීමට හැකියාව පවතින බවයි.

වැඩසටහන අවසානයේදී, එම විද්‍යාපීඨයේ සේනාවිධායක සහ දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා විසින් වැඩසටහන සඳහා සහභාගී වූ සියලුදෙනා වෙත සහතිකපත් ප්‍රදානය කළහ. ඉන් අනතුරුව, සූපවේදී දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. best Running shoes brand | Zapatillas de running Nike - Mujer