Header

Sri Lanka Army

Defender of the Nation

02nd March 2021 14:40:59 Hours

පසුගිය පැය 24 තුළ එක් කොවිඩ් - 19 මරණයක් පමණක් වාර්ථා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 356 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 21 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 335 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 104 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (04) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 80,599 ක් වේ. ඉන් පුද්ගලයින් 79,043 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා ද මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (04) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 77,490 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 84,225 ක් වේ. ඉන් පුද්ගලයින් 80,437 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (04) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,304 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (04) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 417 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (04) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී එක් පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු එරාවූර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (04) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 484 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (04) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9,903 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (03) දිනය තුල PCR පරික්‍ෂණ 10,786 ක් සිදුකර ඇත. Nike air jordan Sneakers | Nike Shoes