Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2021 23:50:26 Hours

ගත වූ විසිහතර පැය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 310ක් වාර්තා වු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 303 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයෙන් වෙති. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 60 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 169 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (02) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 79,897 ක් වේ. ඉන් පුද්ගලයින් 78,028 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා ද මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (02) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 83,551 ක් වන අතර ඉන් පුද්ගලයින් 79,421 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (02) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,654 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (02) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 475 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (02) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ඔවුන් බුලත්කොහුපිටිය, කොළඹ 10, මහනුවර, ගනේමුල්ල සහ පුජාපිටිය යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (02) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 476 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (02) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9,891 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (01) දිනය තුල PCR පරික්‍ෂණ 9,822 ක් සිදුකර ඇත. Running sport media | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger