Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2021 23:20:19 Hours

642 වන බලසේනාවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ගර්භනී කාන්තාවන් සඳහා පෝෂණ මලු බෙදා දෙති

64 වන සේනාංකය යටතේ ස්ථාපිත 642 වන බලසේනාව යටතේ ඇති 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන්හී ජීවත්වන ගර්භනී මව්වරුන් 25 දෙනෙකුන් සඳහා අත්‍යවශ්‍ය පෝෂණ ඇසුරුම් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (26) දින පවත්වන ලදී. යුද්ධ හමුදා සහ සිවිල් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරිමේ අරමුණින් යුතුව පැවැත්වූ මෙම වැඩසටහනට ප්‍රදේශයේ පරිත්‍යාගශිලියෙකුගේ සහයෝගය ද හිමිවිය.

17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සියලු නිලයන්, 642 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සහ පරිත්‍යාගශිලියෙකුගේ ආධාර ඇතිව කිරිපිටි, ටින් මාලු, කුළුබඩු, ධාන්‍ය වර්ග සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් රු. 3000/= පමණ වටිනාකමින් පෝෂණ මල්ලක් බෙදාදෙන ලදී.

මෙම ප්‍රජාව්‍යාපෘතිය 64 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් යුතුව මුලතිව් ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා 642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න විජේසූරිය, 643 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිරෝ සිල්වා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ. Asics footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov