Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2021 16:14:36 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් තවත් පාසල් ක්‍රීඩා පිටියක් පිළිසකර කරයි

ගම සමඟ පිළිසඳරක් වැඩසටනේදී අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එතුමන්ගේ දැනුම්දීම පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මැදවච්චිය, ගෝමරන්කඩවල - බක්මීගම විද්‍යාලීය ක්‍රීඩාපිටිය, ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ඉකුත් ඉරිදා (28) දින ආරම්භ කරන ලදී.

ඉකුත් සෙනසුරාදා (27) දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ගම සමග පිලිසදරක්’ වැඩසටහනේදී සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිතුමන් එම අවශ්‍යතාවන් ඉටු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා දායකත්වය යොදාගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව අදාළ ජනතා ඉල්ලීම් පිළිබඳ ජනාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ට දැනුම්දී පැය දහයක් ගතවීමටත් ප්‍රථමයෙන් අදාළ ප්‍රතිසංකරණ කටයුතු ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ අධීක්‍ෂණය මත අදාළ ක්‍රීඩාංගනයන්හී ප්‍රතිසංස්කරණ කටයුතු පොදු කාර්ය ඉංජිනේරු බලසේනාව යටතේ ඇති 07 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික දැනුම උපයෝගි කරගනිමින් භටපිරිස් විසින් පසුගිය ඉරිදා (28) දින ආරම්භ කරනු ලැබීය. Sports brands | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp