Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 20:30:15 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරු තවත් සෙබළුන් පිරිසක් මාදුරුඔය දී විසිර යති

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා, අංක 70 විසිර යාමේ පෙළපාලිය පසුගිය බ්‍රහස්පතින්දා (25) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. නිලධාරින් 14 දෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 258 දෙනෙකුගෙන් සමන්විත මෙම පෙළපාලියට අණදෙනු ලැබුවේ සටන් පුහුණු සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් වී.ඒ.ඩී.ජේ.ඩී. විතාන විසිනි.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී මෙම පාඨමාලාවේ අවසන් අදියරය වන යුද උපක්‍රම අදියර පසුගිය ජනවාරි මස 04 දින ආරම්භ කෙරිණි. මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සංඥා බලකා, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා, ශ්‍රී ලංකා වෛද්‍ය බලකා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු පුහුණු පාසල් අශ්‍රීතව විවිධ වූ අදියරයන් යටතේ පැවැත්විණි. මෙම පාඨමාලාවේ යුද උපක්‍රම අදියර සම්පූර්ණ කිරිම සඳහා දින 40 ක කාලයක් ඉතා වෙහෙසකර, කාර්ය බහුල කාලසටහනක් තුළ සිදුකිරීමට මෙම පාඨමාලා සිසුන්ට සිදු විය.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් සමරසිරි, අණදෙන නිලධාරි (පුහුණු) කර්නල් අනුරුද්ධ සෝලංගආරච්චි, ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් ආර්.එස්.ඒ.ඩබ්ලිව්.ඒ.කේ. අබේකෝන් යන නිලධාරින්ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ පාඨමාලාව සාර්ථකව නිමකරන ලදී.

පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරින් 14 ක් සහ සෙසුනිලයින් 232 දෙනෙක් සඳහා පාඨමාලා ලාංඡන පැළඳවීමට හා විසිර යෑමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගී වූයේය.

මෙම පාඨමාලාවේ දක්‍ෂතම පෙළ ලෙස සහතිකපත් හිමිකරගනු ලැබූවේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසිනි. දක්‍ෂතම ඛණ්ඩයේ භටපිරිස් පහතින් සඳහන් වේ.

O/71318 දෙවන ලුතිනන් ඩී.එන්.ඩී. ද සිල්වා

S/365632 මාණ්ඩලික සැරයන් ශාන්ත කුමාර ඩී.එච්.සී

S/382009 රාසේ අබයසිරී ඒ.එන් ඩS/382294 රාසේ නදීශන් කේ.එම්.ඩී

S/378611 රාසේ කමල් රත්නායක ආර්.එම්.කේ.ජී

S/381570 රාසේ ඒකනායක ඩී.එම්.එස්.කේ

S/383315 රාසේ ගම්ලත් එම්.ජී.ටී.ඩී

S/384399 රාසේ දනුෂ්ක එච්.කේ.එන්

S/384431 රාසේ කීර්තිරත්න ටී.ඩී.ජී.ඩී.එම්

දක්‍ෂතම නිලධාරියා - යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන ගැමුණු හේවා බලකායේ O/70898 ලුතිනන් පී.කේ.පී.බී. පීරිස්

දක්‍ෂතම සෙසුනිල සිසුවා - බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මාණ්ඩලික සැරයන් හේරත් බණ්ඩාර එච්.එම්.අයි

දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ S/519494 කෝප්‍රල් වික්‍රමරත්න ආර්.ඩී.එස්

හොඳම වෙඩික්කරු - බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ S/2Q03298 මාණ්ඩලික සැරයන් හේරත් බණ්ඩාර එච්.එම්.අයි Sportswear free shipping | Releases Nike Shoes