Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 21:02:14 Hours

මේවන විට ශ්‍රී ලංකාව තුළ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 83,241 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිතයින් 352 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 350 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 112 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 57 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (01) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 79,594 ක් වේ. ඉන් පුද්ගලයින් 77,553 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ සංඛ්‍යාව 76,535 දෙනෙකු වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 83,241 ක් වේ. ඉන් පුද්ගලයින් 78,946 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (01) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,824 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 574 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කුරුණෑගල, අනුරාධපුර, පන්නිපිටිය, රුක්ගහවිල, දෙමළගම, කොළඹ 05 සහ ගම්පහ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,762 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (28) දිනය තුල PCR පරික්‍ෂණ 10,421 ක් සිදුකර ඇත. Running sport media | NIKE