Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 14:12:46 Hours

යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරින් හට මානව හිමිකම් පිළිබඳ දේශනයක්

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සඳහා ‘මානව අයිතිවාසිකම්’ සහ ‘ජාත්‍යාන්තර මානුෂවාදි නීතිය’ පිළිබඳ දෙදින වැඩමුළුවක් පසුගිය 23 සහ 24 යන දිනවලදී පවත්වන ලදී. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහයෝගිතාවයෙන් මානව හිමිකම් හා මානුෂවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් දේශනය සංවිධානය කරන ලදී.  

අධ්‍යක්‍ෂ මානව හිමිකම් හා මානුෂවාදි නීති බ්‍රිගේඩියර් කීර්ති කෝට්ටේවත්ත, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ කලාප හා සන්නද්ධ මූලස්ථාන නියෝජිත බ්‍රිගේඩියර් ජැක් ලිමේ (Jacques Lemay), ජාත්‍යාන්තර රතුකුරුස සංවිධානයේ නිලධාරින් වන චන්න ජයවර්ධන සහ ක්ලෝඩියා මහත්මිය ඇතුලු නියෝජිතයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම දේශන පැවැත්වීය.  

ජාත්‍යාන්තර මානුෂවාදි නීතිය හා එහි මූලාරම්භය, ජාත්‍යන්තර නීති පද්ධති, මානුෂවාදි නීතිය හැඳින්වීම සහ එහි මූලික වචන මාලාව සහ අර්ථයන්, යුධෝපාය ක්‍රම, ජාත්‍යන්තර මානව හිමිකම් නීති හැඳින්වීම හා එහි මූලික ප්‍රතිපත්ති, නීතිය බලාත්මක කිරීම, සාමසාධක මෙහෙයුම්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ පශ්චාත් ගැටුම් යන මාතෘකා තේමා කරගනිමින් දේශන මෙහෙයවන ලදී.  

දේශන සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය. තවද, නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් ඇතුලු පුහුණුවන කෙඩෙට් නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වැඩමුළුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම පුළුල් කිරීම සහ වත්මන් ලෝකය තුළ නැඟී එන ප්‍රවණතාවයන්ට අනුව ජීවත්වීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීමේ අරමුණින් පැවැත්වීය.

මෙම දේශන අවසානයේ සියලුම දේශකයින් ගේ දායකත්වය ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. Asics footwear | Nike