Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 15:46:30 Hours

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති 61 වන සේනාංකයේ සංචාරයක

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ පසුගිය බදාදා (24) දින ප්‍රථම වරට 61 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත විය.

බූස්සේ පිහිටි 61 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ධම්මි හේවගේ ගේ ආරාධනයකට අනුව මේජර් ජෙනරල් වසන්ත ආබෲ කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව, 61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකයේ කාර්යභාරය පිළිබඳ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළේය. පසුව, එතුමන් 14 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත සංචාරය කරන ලදී.

මෙම සංචාරය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 61 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් සහ අණදෙන නිලධාරින් සහභාගී වූහ. Nike footwear | Nike Shoes