Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 15:48:46 Hours

කිලිනොච්චි නව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සිය දූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු ප්‍රථම නිල සංචාරය ලෙස කොකාවිල් පිහිටි ප්‍රාදේශිය පතොරම් වෙඩිද්‍රව්‍ය ගබඩාව, බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථායේ සහ මුරුක්කන්ඩි සහ භාරතිපුරම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයන්හී පසුගිය බදාදා (24) දින සංචාරයක නිරත විය.

මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සිය සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය යටතේ පාලනය වන ප්‍රාදේශිය පතොරම් වෙඩිද්‍රව්‍ය ගබඩාව වෙත යනු ලැබූ අතර එහිදී 573 වන බලසේනාවේ බලසේනාධිපති, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි සහ වෙඩිද්‍රව්‍ය ගබඩාවේ නිලධාරි අණදෙන විසින් එම වෙඩිද්‍රව්‍ය ගබඩාව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළහ.

ඉන් අනතුරුව, කොකාවිල් පිහිටි බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සංචාරය කළ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත මූලික සංඥා වැඩපළේ කාර්යභාරය සහ බහුකාර්ය සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ආරක්‍ෂාව පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය. පසුව, එතුමන් මුරුක්කන්ඩි සහ භාරතීපුරම් පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත ගොස් එම නිරෝධායන මධ්‍යස්ථානයන්හී පරිපාලන කටයුතු හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයාබැලීය.

මෙම සංචාරය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, 571 සහ 573 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි සහ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි සහභාගී වූහ. Running sports | Womens Shoes Footwear & Shoes Online