Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2021 21:32:14 Hours

මාණ්ඩලික ප්‍රධානි ප්‍රමුඛ දූත පිරිස එක්සත් රාජධානියේ පැවති 15 වන ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය (IDEX - 2021) සහ ‘නාවික ආරක්‍ෂාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ ප්‍රදර්ශණය’ (NAVDEX - 2021) ට සහභාගී වෙති

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පසුගිය 21 සිට 25 දින දක්වා පැවති 15 වන ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණය (IDEX - 2021) සහ ‘නාවික ආරක්‍ෂාව සහ සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ ප්‍රදර්ශණය’ (NAVDEX - 2021) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූහ.

එරට උප ජනාධිපති මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටොම් (Mohammad Bin Rashid Al Maktom), අගමැති, ආරක්‍ෂක ලේකම් සහ ඩුබායි රජ්‍යයේ පාලකයා විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව ශ්‍රී ලාංකික දූත පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම ප්‍රදර්ශණය සහ සමුළුව සඳහා සහභාගී වූහ. එරට අතිගරු ජනාධිපති ෂෙයික් කලීෆා බින් ෂායෙඩ් අල් නයාන් (Sheikh Khalifa bin Zayed Al Nahyan) ගේ අනුග්‍රහය යටතේ සමාගම් 900 කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් අබුඩාබි ජාතික ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී පැවති මෙම සමුළුවේදී ‘IDEX and NAVDEX 2021’ ආරක්‍ෂක අංශයේ භාවිතය සඳහා වූ ඉතා නවීන තාක්‍ෂණික උපකරණ ප්‍රදර්ශණය කෙරිණි.

මෙම සංචාරයේදී, මාණ්ඩලික ප්‍රධානි විසින් විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් විදේශිය මිත්‍ර රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සමඟ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගත් අතර නව ආරක්‍ෂක තාක්‍ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම රැස්කර ගන්නා ලදී.

මෙම ප්‍රදර්ශණයේදී බොහෝ විදේශිය නිෂ්පාදන, යුද තාක්‍ෂණික ක්‍රම, නවීන උපකරණ සහ ආරක්‍ෂාව හා සබැඳි නව නිපැයුම් ප්‍රදර්ශණය වූ අතර එමඟින් ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් අතර නව උපායමාර්ගික සබඳතා ගොඩනඟාගැනීමට ද අවස්ථාව ද හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන් ශ්‍රී ලංකා දූත පිරිසට නායක්තවය ලබාදුන් අතර නාවික හා ගුවන් හමුදාවන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු ද මෙම සංචාරය සඳහා සහභාගී වූහ. best Running shoes | Nike